2019 A/L කඩයිම් ලකුණු සකස් කර අවසන් - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

ඔක් 15, 2020

    2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු සකස් කර අවසන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ, කඩයිම් ලකුණු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

    මේ වනවිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කඩයිම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද කිරීමට සිදුව ඇති බව සම්පත් අමරතුංග මහතා පවසයි.

    ඔහු පවසන්නේ, කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් කඩයිම් ලකුණු සකස් කිරීමේ කටයුතු ප්‍රමාද වු බවයි.

    Latest News