බන්ධනාගාර බුද්ධි අංශ සක්‍රීය කිරීමට යෝජනාවක්

ඔක් 15, 2020

    බන්ධනාගාර බුද්ධි අංශය යළි සකී‍්‍රය කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

    බන්ධනාගාර බුද්ධි අංශය සඳහා මීට පෙර නිළධාරීන් 200 දෙනෙකු අනියුක්ත කර තිබූ නමුත් ඉකුත් ආණ්ඩුව සමයේදී එහි නිලධාරීන් සංඛ්‍යාව 95 දෙනෙකුට සීමා කෙරුණා.

    එහෙත් බන්ධනාගාර ආරක්‍ෂක කටයුතු සඳහා එම නිලධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන බවයි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති සාකාවකදී අදහස් පළවී ඇත්තේ.

    බන්ධනාගාර ආශි‍්‍රත හදිසි වැටලීම්, විශේෂ රැුඳවියන් අධිකරණ වෙත රැගෙන යාම, රැදවියන් සහ ඔවුන් බැලීමට පැමිණෙන ඥාතීන් පරීක්‍ෂා කිරීම ඇතුලූ විශේෂ රාජකාරී කිහිපයක්ම සිදුකරනු ලබන්නේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින්.

    ඒ හේතුවෙන් බුද්ධි අංශයට තවත් නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට යෝජනාවී ඇති බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    එලෙස නිලධාරීන් බඳවා ගැනීමේදී ති‍්‍රවිධ හමුදාවේ විශ‍්‍රාමික නිලධාරීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද නියමිතයි.

    Latest News