තද සුළං - මුහුද රළුයි අවවාදාත්මක නිවේදනයක්

ඔක් 15, 2020

    තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙහි දැක්වෙන්නේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

    එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීම අවදානම් සහගත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දේ.

    කන්කසන්තුරේ සිට මුලතිවු හරහා ත්‍ිකුණාමලය දක්වා සහ පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි 50 ත් 60 ත් දක්වා ඉහළයා හැකි බවයි.

    සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය පැ.කි 50 ත් 55 ත් දක්වා ඉහළයා හැකි බැවින් නාවුක හා ධීවර ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    මේ අතර, ඊයේ රාත්‍රියේ පැවති තද සුළං සමග වරකාපොළ ප්‍රදේශයේ එළිපන්ගමුව නෙළුන්දෙණිය මහ තුංතොට යන ප්‍රදේශවල නිවාස 7 කට හානි සිදුව තිබේ.

    ඉන් එක් නිවාසයකට පූර්ණ හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News