පස් කන්දක් හැටන් නුවරඑලිය ඩෙස්පොඩ් මාර්ගය වසා දමයි

ඔක් 23, 2018

    නුවරඑලිය සහ නානුඔය ප්‍රදේශවලට ඊයේ (22) පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමග තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑලිය දක්වා දිවෙන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

    ඊයේ පස්වරු 6 ට පමණ මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගය සම්පුර්ණයෙන්ම පස් වලින් අවහිර වි ඇත.

    කඩා වැටුනු පස් වලින් කොටසක් ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කිරිමැටිඔයටද එක් වි තිබේ .

    එම මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටිම නිසා නානුඔය තංගකැලේ, ඇල්ජින් , මෙරායා ,ඌවකැලේ යන ප්‍රදේශවල ජනතාව දැඩි අසිරුතාවයට පත් වි ඇත.

    ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිම සදහා නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයට දැනුම් දි ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

    Latest News