කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔක් 01, 2020

    මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

    එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 17යි ග්‍රෑම් 300ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

    සැකකරු 40 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (01) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News