කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරිම් 2023ට පෙර

ඔක් 01, 2020

    බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ගුවන්සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    2023 වසරට ගැළපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ( Smart Terminal) ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    කොවිඩ් වසංගතයත් සමග අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    Latest News