පුතු පියාට පහරදී මරයි

ජන 12, 2019

    බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් පුතා විසින් පියා ඝාතනය කිරිමක් අම්බලන්තොට අරවන මුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

    අම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ පදිංචි ටි .පි චන්ද්‍රසිරි (57) නැමති තිදෙරු පියෙකු මේ අන්දමින් ඝාතනය වී ඇත. සැකකරු වයස වුරුදු 35ක් පමණ වන ඔහු පවුලේ වැඩිමහල් පුතාවේ.

    අද අළුයම 12.30 පමණ නිවසේ ඇතිවූ ආරවුලේ දී පුතා විසින් පියාගේ හිසට මල්පොච්චියකින් පහර දී ඇති අතර එයින් පියා මියගොස් තිබේ. සැකකාර පුතා යාබද නිවසක වාසය කර ඇති අතර පිය සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසයි.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 15:14

    Latest News