වාද්දූව; රිය අනතුරකින් තරුණයෙක් මරුට (වීඩියෝ)

ජන 12, 2019
  • වාද්දුව, තල්පිටියේ දී අපරික්ෂාකාරී ලෙස ගාලු පාර හරහා ගමන් ගත් යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ. 

    තවත් පුද්ගලයෙකු තුවා ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරිණ.  කොළඹ සිට මාතර දක්වා ගමන් ගත් පුවත්පත් බෙදාහරින ලොරි රථයක යතුරුපැදිය ගැටිමෙන් අද අලුයම අනතුර සිදුව තිබේ. 

    අනතුරට පත්වූවන් සංගීත සංදර්ශනයක් නරඹා බීමතින් යතුරුපැදිය පදවා ඇති බව පොලීසිය පවසයි.  මියගොස් ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වන තරුණයෙකි.  ලොරි රථයේ රියැදුරු වාද්දූව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 21:30

    Latest News