20ට එරෙහිව අද තවත් පෙත්සම් 6ක්

සැප් 24, 2020

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද (24) දිනය අවසන් වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 12 ක් ඉදිරිපත් වී ඇති බව අප වාර්තාකරු පවසයි.

    එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා දක්වා තිබේ.

    නීතිඥ ඉන්දික ගාල්ලගේ, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු යන පාර්ශව හයක් විසින් ඊයේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

    අද දිනයේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය විසින් තවත් පෙත්සම් 06 ක් ගොනුකර තිබේ.

    ඒ අනුව විසිවන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12 ක්.

    Latest News