ජනපති කොමිසමෙන් අද තරයේ අවවාද

සැප් 24, 2020

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ සහයක රදගුරුවරුන් තිදෙනකුට අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම අද තරයේ අවවාද කළේය.

    ඒ, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි.

    හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය සතියේදී ජනපති කොමිසම හමුවේ ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී තිබිණ.

    හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම වෙත ලබාදුන් ප්‍රකාශයක් කොළඹ අගරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදහස් දැක්වීමෙන් දින කිහිපයකට පසු මෙය වාර්තා විය.

    සිය මතය ප්‍රකාශ කරමින් ජනාධිපති කොමිසම කියා සිටියේ නීතිඥවරුන්ට සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව තිබියදී මෙවැනි නිවේදන ප්‍රසිද්ධ නොකළ යුතු බවයි.

    ඒ අනුව ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතාටත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් සහයක රදගුරුවරුන් තිදෙනෙකුටත් ජනාධිපති කොමිසම මෙලෙස අවවාද කර සිටියේය.

    Latest News