දියත උද්‍යානය අවට පරිසර සුන්දරත්වය

සැප් 22, 2020

    සංවර්ධනය කරා පියමනින රටකට මහාමාර්ග, අධිවේගී මාර්ග, ව්‍යාපාර ගොඩනැගිලි වගේම නව නගර සැලසුම් අත්‍යවශ්‍ය අංග. 

    අපි අද කතා කරන්නේ විවේකය සතුටින් ගත කරන්න කොළඹ අවට තිබෙන සුන්දර ඉඩකඩක නවතම තොරතුරු පිළිබඳව.  ඒ, බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය.

     

    කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණෙන් සංවර්ධනය කරන ලද ජලාශ අතර, දියවන්නාව සුවිශේෂයි. එහි ඇති  ඉහළ පාරිසරික වටිනාකම හා සුන්දරත්වය ඊට ප්‍රධාන හේතුවයි.

     

    දියවන්නාව පසුබිම් කර ගනිමින් ඉදි කෙරුණු දියත උද්‍යානය අවට පරිසර සුන්දරත්වය සහ වටිනාකම් දෙගුණ, තෙගුණ කරවන රම්‍ය පාරාදීසයක්.

     

    විවේකය, විනෝදය විවිධ නිර්මාණ අවශ්‍යතා සහ ශාරීරික සුවතාව උදෙසා බොහෝ දෙනෙකු දියත උද්‍යානය කරා නිරන්තරයෙන් පැමිණේ.

     

    විසිරි සිටි කුඩා පරිමාණ ස්වයං රැකියා ව්‍යවසායකයින් වෙනුවෙන් ක්‍රමවත් අලෙවි මධ්‍යස්ථානයක් ද මෙහි දැකගත හැක.  

     

    මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ එතුමාගේ උපදෙස් අනුව, එක රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා දියත උද්‍යානයේ මුලික කටයුතු මෙහෙයවීය.

     

    මේ පරිසරයට පැමිණෙන ඔබට ආහාරපාන, සංගීත භාණ්ඩ ආදිය රැගෙන ඒම තහනම්.  ඒ, ඇතැම් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ පරිසරයේ සුන්දරත්වයට සිදුවන දැඩි හානිය නිසයි.

     

    අද අප මේ දුටු මාළුවාගේ ජිවිතය විනාශවීමට ගියේ කවරෙකු විසින් හෝ සිදු කරන ලද පරිසරයට අහිතකර එවැනි ක්‍රියාවක් නිසයි. 

    Latest News