කඩා වැටුණු නිවස නීතියට නැත්නම් දැඩි දඬුවම් (වීඩියෝ)

සැප් 22, 2020
  • මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස් මහල් නිවසෙහි අදාළ ඉදිකිරීම්, නෛතික ක්‍රමවේදයට අනුව සිදුකර නොමැති බව, සනාථ වුවහොත්, එම පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියා කරන බව, පොලිසිය පවසයි. 

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරිණ. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් නිවස ඉකුත් 19 වැනිදා අලුයම කඩා වැටුණේ ඊට පහලින් තිබූ හෝටලයක් මතටයි. අනතුරෙන් එම හෝටලය පවත්වාගෙන ගිය මව පියා සහ බිලිඳියකට දිවි අහිමි වූහ.  ඔවුන්ගේ දේහයන් ඊයේ රාත්‍රී ඔවුන්ට අයත් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි තවත් නිවසක් වෙත රැගෙන යනු ලැබීය.  

     

    තිදෙනාගේ අවමංගල්‍ය මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේ දී හෙට (23) සිදුකිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 20:34

    Latest News