රටපුරා ගෙවතු විසිහතර ලක්ෂයක්, බෝග වගා හා සත්ව පාලනය සඳහා වෙන්කරන බව, ආර්ථික, පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි.
ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධවන රජයේ ආයතනවල නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ජාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
“ඵලදායි පුරවැසියෙක් සතුටින් ජීවත්වන පවුලක්“ යන සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් ආර්ථික, සාමාජීය හා පාරිසරිකව සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම වැඩසටහනේ අරමුණයි.
ගෘහ ආර්ථිකය දියුණු කිරීමට ප්‍රමුඛතාව දෙමින් එළඹෙන මහ කන්නයේ දී ජාතික වගා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කෘෂි, ආර්ථික සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, කෘෂි, ආර්ථික සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මගින් ගෙවතු හඳුනා ගැනීම ක්‍රියාත්මකයි.
මැද පෙරදිග රැකියා සඳහා කාන්තාවන් යොමුවීම වළක්වමින් ගෘහස්ත ආර්ථිකයට කාන්තා දායකත්වය සැපයිය හැකි ආර්ථික තත්වයක් ගොඩනැගීම තුළින් කාන්තාව සවිබල ගැන්වීම වැඩසටහනේ ප්රමුඛ අපේක්ෂාවක්.
පරිසරයට හිතකර, පස සංරක්ෂණය කරන ශාක වර්ගවලට ප්‍රමුඛතාව දෙමින් ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානය යොමු කළ යුතු බව, බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
වස විසෙන් තොර ග්‍රාමීය නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සපුරාලමින් අපනයනය දක්වා නිෂ්පාදකයින් දිරිගැන්වීම රජයේ බලාපොරොත්තුව බව ද, ඔහු අවධාරණය කළේය. අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන් හා ආයතන ප්‍රධානීන් ඇතුළු පාර්ශ්ව රැසක් සාකච්ජාවට එක්ව සිටියහ.