යහපාලනයේ බැංකු අක්‍රමිකතා ගැන පැමිණිළි සියයක් (වීඩියෝ)

සැප් 21, 2020
  • යහපාලන සමයේ රාජ්‍ය බැංකු සහ ඒ්වාට අනුබද්ධ ආයතන සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි සියය ඉක්මවා ඇතැයි, ඒ් පිළිබඳ සොයා බලන කමිටුව  පවසයි. 

    කමිටුව පත් කෙරුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. කමිටුවේ විමර්ශනයට ලක් වන්නේ, ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 ජනවාරි 8 වැනිදායින් පසු සිදුවූ අක්‍රමිකතා පිළිබඳවයි.  ඒ්වා විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා ඒල්ල වී ඇති පාර්ශ්ව කැඳවා තොරතුරු සටහන් කර ගැනීමට නියමිතයි.

     

    ඉදිරියේ දී ඒවැනි තත්වයන් ඇති නොවීමට ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, මූල්‍ය පාඩුවලට වගකිව යුත්තන් හඳුනා ගැනීම, රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට හිතකර සේවාවක් බවට පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙනු ඇත. හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා කමිටුවේ සභාපතිවරයායි. වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා, විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්. ප්‍රේමානන්ද යන මහත්වරුන් ඒම කමිටුවේ සෙසු සාමාජිකයන්.  

     

    මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධූරය දරනු ලබයි. මෙම කමිටුව විසින් මාස තුනක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    පැමිණිලි බාරගැනීම සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර ඇති අතර, මේ වනවිට බැංකු වෘත්තීය සමිති සහ ජනතාව පැමිණිළි යොමුකර තිබේ.  අධ්‍යක්ෂ  ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ ලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට පැමිණිළි යොමු කළ හැක. 

    Last modified on සදුදා, 21 සැප්තැම්බර් 2020 19:56

    Latest News