නීති විරෝධි උපකරණ දැලේ

සැප් 20, 2020

    කහවත්ත පොරෝනුව ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් සමඟ 2ක් අත්අඩංගුවට ගැණින.

    ඔවුන් සතුව තිබී ගෝඩා මිලිලීටර 1875ක්, නීති විරෝධි මත්පැන් බෝතල් 6ක් සහ ඒවා නිෂ්පාදනයට ගන්නා උපකරණ තොගයක් සොයා ගෙන තිබේ. රිවෝල්වරයක්, කඩු දෙකක්, ටී-56 ජීව උණ්ඩ 5ක්, කිනිස්සක් ද එහිදී පොලිස් බාරයට ගැණින.

    බ්‍රවුන් ෂූගර් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 800ක් සමඟ පුද්ගලයෙකු රත්නපුර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැණින. හෙරොයින් ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නමැත්තාගේ ගෝලයෙකු බව, පොලිසිය සැකකරු හඳුනාගෙන ඇත. ඔහු සතුව තිබී රුපියල් පනස් පන් දහසකට අධික මුදලක් ද සොයා ගෙන තිබේ.

    Latest News