හෙරොයින් මිලිග්‍රෑම් 07ක් සහ ජංගම දුරකතන 12ක් පොලිස් බාරයට

සැප් 20, 2020

    බස්නාහිර පළාත් දූෂණ වැටලීම් ඒකකය අද සිදු කළ වැටලීමකදී මොහොමඩ් මොහිදින් ෆාරුක් නොහොත් බැරල් රංජි හෙරොයින් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 185 වත්තේ කළ වැටලීමකදී. හෙරොයින් මිලිග්‍රෑම් 07ක් සහ ජංගම දුරකතන 12ක් ද, පොලිස් බාරයට ගැණින. සැකකරුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි සිටි කාන්තාවක් සහ තරුණයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාව සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 25ක් සහ තවත් පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 40ක් ද සොයා ගැණින.

    සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කරමින් දෙමටගොඩ ප්‍රදේශයේ බිලියට් ක්‍රීඩා තරගාවලියක් සංවිධාන කළ 2ක් අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන නීති කඩ කරමින් ඊට පැමිණි අයට ෂීෂා නමැති දුම් වර්ගය පානය කිරීමට සැලැස්වීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ, කොළඹ අපරාධ කොට්ඨාස බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය විසින්.

    Latest News