කොවිඩ් 19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය අගමැතිට

සැප් 20, 2020

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්‍ෂේත්‍රය රටේ කොඳු නාරටිය බවට පත්වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020 සමඟ අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. හම්බන්තොට, මාගම්-රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී සම්මන්ත්‍රණය පැවැත්විණ. කොවිඩ් 19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත එහිදී බාරදෙනු ලැබුවේ, සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්‍ෂ්මන් ආර් වටවල මහතා විසින්.

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය ඇපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් බදු සහන ලබාදීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයනය සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යනාදි කරුණු මෙම යෝජනාවලියට ඇතුළත්.

    මෙම අවස්ථාවට චමල් රාජපක්‍ෂ, විමල් වීරවංශ, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රිල්, ඩීවී චානය හා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News