මහවැලි ජනතාවට සින්නක්කර ඔප්පු ලක්‍ෂයක්

සැප් 20, 2020

    මේ වසරේ දී මහවැලි ජනතාවට සින්නක්කර ඔප්පු ලක්‍ෂයක් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි.

    මහවැලි ඉඩම් සම්බන්ධ ආරවුල් කඩිනම්න් විසඳා ඉඩමක හිමිකම තහවුරු කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහවැලි කලාපයේ සංවිධාන කර තිබූ ජංගම සේවා සඳහා සහභාගි වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත මහවැලි ඉඩම් ආරවුල් විසඳා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දශක තුනකට අධික කාලයක් තිස්සේ මහවැලි ජනතාව මේ හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවයි.

    මහවැලි සී සහ බී කලාපයේ, ජනතාවගේ ගැටලු විසඳීම සඳහා මෙම ජංගම සේවය සංවිධාන කර තිබිණ. මහවැලි කලාප දහයේ ගොවි පවුල් තුන් ලක්‍ෂ තිස් දහසක් පදිංචිව සිටින අතර ඉන් ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර හිමිව ඇත්තේ දෙලක්‍ෂ තිස් දහසකට පමණි.

    Latest News