ගොඩනැගිල්ල ගිලාබැසීමෙන් 3ක් මරුට

සැප් 20, 2020

    මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමට හේතුවෙන්, ඊට යටවූ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.

    ඒ අතර මාස එක හමාරක පමණ වයසැති කුඩා බිළිදෙකු සිටින බව අප වාර්තාකරු පවසයි. අද අලුයම 4.00ට පමණ මෙම ගොඩනැගිල්ල ගිලා බැසීමට ලක්වී තිබේ. එය ගිලා බැසීමට ලක්වීමත් සමඟ අසළ පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැඩී තිබේ. අනතුරෙන් පුද්ගලයන් 2ක් දිවි ගලවා ගෙන ඇති අතර, ඔවුන් සුළු තාවාල ලබා ඇතැයි සඳහන්.

    සුන්බුන් අතර සිරවී සිටි වයස මාස එකහමාරක පමණ කුඩා දරුවෙකු මුදා ගැනීමට ආරක්‍ෂක අංශ සමත්විය. එහෙත් දරුවා මහනුවර රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව, රෝහල් අධ්‍යක්‍ෂ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

    සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ. තවත් පුද්ගලයින් සිරවී ඇත්දැයි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ, මහනුවර ගිනි නිවීමේ ඒකකයේ සහ පොලිස් නිලධාරීන්ගේ සහය ඊට ලැබී තිබේ.

    Latest News