මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදාගැනීමට මනෝ විද්‍යා උපදේශන පාඨමාලාවක් (වීඩියෝ)

සැප් 19, 2020
  • ප්‍රජා පොලිස් නිලධාරීන් සහ පොලිස් කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සඳහා මනෝ විද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවක් අද (19) ඇරඹිණ. 

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදාගැනීම අරමුණයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කටාන පොලිස් විද්‍යායතනය එක්ව වසරක කාලයක් පාඨමාලාව පවත්වයි. 

    සමාරම්භක පාඨමාලාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ. 

    දින දෙකක මනෝ විද්‍යා උපදේශන වැඩමුළුවක් ද ඊට අයත්. 

    මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූන් ඉන් මුදා ගැනීමට අවශ්‍ය දැනුම පාඨමාලාවෙන් ලබා දේ.

    පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 20:00

    Latest News