ලංකාගමට මොබිටෙල් 4G තාක්‍ෂණය ලබාදීමට අවධානය

සැප් 09, 2020

    සිංහරාජ රක්‍ෂිතයට යාබදව පිහිටා ඇති ලංකාගම ජනතාවට මොබිටෙල් 4G තාක්‍ෂණය ලබාදීම කෙරෙහි ද අවධානය යොමුවී තිබේ.

    එය ක්‍රියාවට නැංවෙන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් එක්වයි. ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන්, ලංකාගම ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක්ව පැවති නව මාර්ගයක් සංවර්ධනය කිරීම පසුගියදා ආරම්භ කෙරිණ. ඒ අනුව නව මාර්ගය ඉදි කෙරෙමින් පවතී. මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ද ලංකාගම ජනතාවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ඉදිරිපත්ව සිටී.

    ජංගම දුරකතන පහසුකම් ආවරණය එහි ප්‍රමුඛ කටයුත්තක්. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් පුරෝගාමිත්වයෙන්, පුළුල් කෙරුණු 4G LTE තාක්‍ෂණයෙන් බලගන්වන ලද ලංකාගම ජංගම දුරකතන සංඥා පහසුකම් ආවරණය පරීක්‍ෂා කිරීම සඳහා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ කොළඹ සිට එම ගම්මානය සමඟ සංවාදයක් සිදු කෙරිණ. මොබිටෙල් තාක්‍ෂණයේ වේගවත් බව සහ එහි සුපැහැදිලිතාව නැවත වරක් සනාථ කිරීම, මෙහි ප්‍රධාන අරමුණයි.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, ඕෂධ සේනානායක, එස්.එල්.ටී. සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    Latest News