වැලිකන්ද හඳපාන්විල, විල්ලුව අමුණ කැඩී ගිහින්

සැප් 09, 2020

    මහවැලි බී කලාපයේ වැලිකන්ද හඳපාන්විල, විල්ලුව හරහා ඉදි කර ඇති අමුණ මීට වසර 10කට පෙර රුපියල් එක්කෝටි දස ලක්‍ෂයක වියදමන් ඉදි කෙරුණු බිම් කොටසක් පසුගිය වසරේදී කැඩී ගොස් තිබේ.

    මේ හේතුවෙන් කුඹුරු අක්කර 1,250ක් පුරන්ව ගොස් ඇති අතර, පවුල් 120කට අධික පිරිසකගේ ජීවනෝපායට මෙය සෘජුවම බලපා තිබේ. විශාල මුදලක් වියදම් වීමට පෙර මේ සඳහා පියවර ගැනීමට බලධාරීන්ගේ වගකීමක් නොවන්නේ ද? ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමනි ඔබටයි මේ රතු එළිය.

    Latest News