ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධූරයේ දිවුරුම් දේ (වීඩියෝ)

සැප් 08, 2020
  • රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

    ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ.

    මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවසර ලබාදෙන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය. 

    බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවේ, ඒ අනුවයි. 

    ජයසේකර මහතා පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කතානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සිදු කළේය.

    ප්‍රේමලාල් ජයසේකර මහතා පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මනාප ඡන්ද එක් ලක්‍ෂ 42,037ක් ලබාගනිමින්.

    ඔහු දිවුරුම්දීමට එරෙහිව සමගි ජනබලවේගය නියෝජනය කරන විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු සාටක පැළඳ විරෝධය පළ කිරීමට එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:30

    Latest News