'කෙසෙල්වත්තේ දිනුකගේ' ගෝලයෙක් හෙරොයින් සමග අල්ලයි

සැප් 05, 2020

    සංවිධානාත්මක අපරාධකරුවෙක් වන "කෙසෙල්වත්තේ දිනුකගේ" සමීපතමයෙක් මත්ද්‍රව්‍යය සමග එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06ක්, තියුණු අවි ආයුධ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ, පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුවයි. ඊයේ රාත්‍රී "කෙසෙල්වත්තේ කසුන්" නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල්වලින් ලබා ගන්නා ලද නවීන යතුරු පැදි තුනක් හා ලොරි රථයක් ද සොයාගෙන ඇත.

    Latest News