වැටලීම සිදු කෙරුණේ, හික්කඩුව හේනේතොට ප්රදේශයේදී. ටී-56 අවියක කොටස් කිහිපයක්, මැගසිනයක් හා එම අවිවලට යොදන ජීව උණ්ඩ 19ක් මෙහිදී සොයා ගැනිණ. 33 හැවිරිදි සැකකරු රත්ගම ප්රදේශයේ පදිංචිකරුවෙක්. වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.