ජාලිය අත්අඩංගුවට ගන්න නැවතත් වරෙන්තු

ජන 09, 2019

    අධිකරණය මග හැර සිටින අමෙරිකානු හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය හා ඔහු රට යෑමට ඇපකරුවන් ලෙස ඉදිරිපත්වූ ඔහුගේ බිරිඳ හා කිට්ටු ඥාතීවරිය ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නැවත විවෘත වරෙන්තු නිකුත් කළේය.

    ජාලිය වික්‍රමසූරිය ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කළ අවස්ථාවේදී ඇමරිකාවේ තානාපති කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජයේ මුදල් ඇ.ඩොලර්. 130,000කට අධික මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවය් පොලිස් මූල්‍ය අපරාද විමර්ශන කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    ඔහු අමෙරිකානු තානාපති ලෙස කටයුතු කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් වැය කල මුදලින් විශාල ප්‍රමාණයක් නීති විරෝධී ලෙස පරිහරණය කර ඇති බවත් එම කාලය තුල නීති විරෝධී ආකාරයට පුද්ගලයන්ට වීසා ලබාදීම සම්බන්ධයෙන් ද පරික්ෂණ පවත්වන බවද විමර්ශන නිළධාරීන් අධිකරණයට මීට පෙර අධිකරණයට දැනුම් දී තිබෙනවා. පැමිණිල්ල වැඩිදුරටත් සලකා බැලීම සඳහා මාර්තු 6වනදා නැවත කැඳවීමට නියමිතයි.

     

    Latest News