විනිසුරුවරු 4ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ජන 09, 2019

    නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති පී.ටී. සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දුන් අතර, නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප‍්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබීය.

    Latest News