ඉරානයේ තවත් තෙල් නැවක් අත්අඩංගුවට

අගෝ 05, 2019

    ඉරානය ගල්ෆ් කලාපය තුළ තවත් විදේශ තෙල් නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නෞකාව අරාබි රටවල් සඳහා ඉන්ධන ජාවාරමේ යෙදුනු නෞකාවක් බවයි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකා ප්‍රධානිය සඳහන් කළේ.

    අත්අඩංගුවට පත් නෞකාව තුළ තෙල් ලීටර ලක්ෂ 7ක ප්‍රමාණයක් ගබඩා කර තිබූ බවයි, වාර්තා වන්නේ. ඉරාන ආරක්ෂක අංශ විසින් නෞකාව තුළ සිටි නැවියන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකා එක්සත් ජනපදය ඉරාන තෙල් ඉලක්ක කර ගනිමින් සම්බාධක ඉහළ නැංවීමෙන් පසු මෙම සිද්ධිය වාර්තා වෙයි.

    අමෙරිකා එක්සත් ජනපදය ඒකපාර්ශවීය ලෙස ඉරානය සමඟ පැවැති ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමෙන් 2015 වසරේ දී ඉවත් විය. ඉන් අනතුරුවයි, ඉරාන තෙල් ඉලක්ක කර සම්බාධක පැනවීම සිදු කළේ. කෙසේ වෙතත් පසුගිය මැයි හා ජුනි මාසවල දී ගල්ෆ් ප්‍රදේශයේ තෙල් නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව දිගින් දිගටම ඉරානයට දෝෂාරෝපනය කරයි. ටෙහෙරාන් පාලනය අදාළ සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කර තිබියදීයි, මෙම නෞකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 08:15

    Latest News