ශ්‍රී ලංකා-ජපාන සබඳතා ඉහළ නැංවීමට ක්‍රියා කරනවා; ජපාන තානාපති

සැප් 02, 2020

    ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා නව ඉහළ තලයකට පත්කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජය සමඟ ක්‍රියාකරන බවට ජපානය ප්‍රතිඥා දෙයි.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ අද කොළඹ පැවති සාකච්ජාවකදී. ජපාන අගමැති ෂින්ෂෝ අබේ සහ විශේෂ නියෝජිත යසුෂි අකාෂි යන මහත්වරුන්ගේ සුබ පැතුම් පණිවුඩ ඇතුලත් ලිපි ජපාන තානාපතිවරයා විසින් අගමැතිතුමා වෙත බාරදෙනු ලැබීය.

    කොවිඩ් 19 රෝග තර්ජනය මධ්‍යයේ, සාර්ථකව මහ මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය ලොවට ප්‍රදර්ශනය කරන්නක් බව ජපාන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ආධාර ලබාදීමට සූදානම් බව, ජපාන තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News