පාඨලී ඇතුලු 3 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීම ලබන මස 7

සැප් 02, 2020

    අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු 3 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අද නියෝග කළා.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ තම සේවාදායකයාට නියම කර ඇති ඇතැම් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙසයි.

    ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය විත්තිකරුවන්ට මහාධිකරණය නියම කර ඇති ඇප කොන්දේසි මොනවා ද යන්න නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහා මුල් නඩු ගොනුව පරික්‍ෂා කිරීමට අවශ්‍ය බව කියා සිටියා.

    නඩුව ලබන මස 7 වැනි දින යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

    Latest News