ලක්ෂ 35ක කප්පම වැළකුණ හැටි  

ජන 09, 2019

    දුරකථනයෙන් තර්ජනය කර බියවද්දා මුදල් රුපියල් ලක්ෂ 35 ක් කප්පම් මුදල් වශයෙන් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට දුරකථනයෙන් තර්ජනය කර බියවද්දා මුදල් රුපියල් ලක්ෂ 35 ක් කප්පම් මුදල් වශයෙන් ලබා ගැනීමට තැත්කිරීමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.

    ඒ අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් විමර්ශනය සිදුකර මෙම අපරාධය සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථනයක් ද සමඟ ඊයේ(08) දින කඩුවෙල සහ හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගැනිණ. 

    අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වු කොරතොට, කඩුවෙල පදිංචිකරුවෙක් හා වයස අවුරුදු 31 වු වේකන්ද පාර, හෝමාගම ලිපිනයේ පදිංචිකරුවෙකි.සැකකරුවන්  අද(09) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

     

     

    Latest News