ක්‍රීඩක ගැටළුවලට තිත තියන්න හරීන් සැරසෙයි

ජන 09, 2019
    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු එම අවස්ථාවේදීම අදාල අංශ වෙත යොමු කොට එදිනම විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ක්‍රීඩා අමාත්‍ය  හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇත. 
    ඒ අනූව, ජනවාරි 16 වෙනි දින සිට විශේෂ ඒකකයක් හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල අනුව ප්‍රශ්ණ විසදීම කඩිනම් කිරීම සදහා අදාල නිළධාරීන්ට යොමු කිරීම එම අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතයි.
    ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින් පැවැත්වීම ද ඒ යටතේ ක්‍රියාත්මකයි. මේ අනුව ක්‍රීඩා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම සදහා සෑම බදාදා දිනයකම ක්‍රීඩා අමාත්‍යතුමන් මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම් / සම්මේලන නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ගැටළු කඩිනමින් විසදා දීම සදහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර තිබේ.
     
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යාතනය, තහනම් උත්තේජක මර්ධන ආයතනය හා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින සියළුම අංශ වල නිළධාරීන් දිනය පුරා මේ වෙනුවෙන් අනුයුක්ත කර ඇත.
     
    Last modified on බදාදා, 09 ජනවාරි 2019 10:44

    Latest News