කිඹුලා ඇළ ගුණාගේ සහායකයින් අත්අඩංගුවට

අගෝ 31, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන “කිඹුලා ඇළ ගුණා“ සහ ඔහුගේ සොහොයුරු “සුරේෂ්“ යන දෙදෙනාගේ අපරාධ සහායකයින් අට දෙනෙකු හෙරොයින්, යතුරු පැදි හා ත්‍රීරෝද රථ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය සමත්විය.

    දින කිහිපයක් පුරා සිදු කෙරුණු දීර්ඝ විමර්ශනයකින් පසු එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශ කිහිපයකදී. දැනට ඉන්දියාවට පලාගොස් ඇති බවට සැක කෙරෙන “කිඹුලා ඇළ ගුණා“ සහ ඔහුගේ සොහොයුරා විසින් එරට සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන්නේ මෙම පුද්ගලයින් පිරිස යොදා ගනිමින් බව හෙළි වී ඇත.

    ඉන්දියාවේ සිට රැගෙන එන මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගන්නා බව ද ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ. හෙරොයින් ග්‍රෑම් 708ක්, ජංගම දුරකතන 07, යතුරු පැදි දෙකක්, ත්‍රීරෝද රථ දෙකක්, කඩු දෙකක් හා රුපියල් 20,000ක මුදලක් සැකකරුවන් 08 දෙනා සන්තකයේ තිබී සොයා ගැණින.

    ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, සපුගස්කන්ද, බියගම, සියඹලාපේ, වත්තල සහ හුණුපිටිය යන ප්‍රදේශවලදී. මහර අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සැකකරුවන් පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News