යක්කලමුල්ලේ දී ගිනි අවි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

අගෝ 29, 2020

    යක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී සැකකරුවන් සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 02ක් සහ එම උණ්ඩ දෙකක් සොයාගෙන ඇත.

    දෙහිගහහේන සහ ගල්කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් සැකකරුවන් 32 සහ 45 හැවිරිදි වයස්වල පසුවන්නන්.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අද, ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

    Latest News