රජයේ වියදම්; අතුරු සම්මත ගිණුම සම්මතයි (වීඩියෝ)

අගෝ 28, 2020
  • සැප්තැම්බර් පළමු වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා රජයේ වියදම් අනුමත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව අද (28) සවස සම්මත විය.

    ඒ පක්‍ෂ, විපක්‍ෂ මැති-ඇමතිවරුන් ඊයේ සහ අද ඒ සම්බන්ධයෙන් විවාද පැවැත්වීමෙන් අනතුරුවයි.

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා....

    “අපේ ප්‍රතිපක්‍ෂයේ මන්ත්‍රීවරු අපේ ආහාර භුක්ති විඳින්න පුලුවන් දේ පිටරටින් ගෙන ඒම වෙනුවෙන් කතා කිරිම කණගාටුදායක තත්වයක්. අපි ඒ අභියෝගය ජයගන්නවා. අපේ රටින් විදේශ කරා ගමන් කරන යෝධ මුදල නවත්තලා අපේ විදේශ විනිමය තත්වය අලුත් ආදායම් මාර්ග රටේ ගොවි ජනතාව අතර හා ගම්බද ජනතාව අතර ඇතිකරන්න පුලුවන් කම ඇතිවෙනවා“. යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

     

    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන...

    “රටේ ජනාධිපතිතුමා සේනාධි නායකයා හැටියට එතුමාට ආරක්‍ෂක අමාත්‍යාංශයවත්, ඒ වගකීම බාරගන්න බැරිවෙන තත්වයකට මේ 19 වැනි සංශෝධනය ගේන්න දායක වුණේ කවුද කියන එක මේ රටේ ජනතාව අහන තත්වයකට පත්වෙලා තියෙනවා. මේ වනවිට හිරගතවෙලා, ඇප ලබාගෙන සිටින පොලිස්පතිවරයා ඔහු තවම පොලිස්පතිවරයා. මේ 19 වැනි සංශෝධනය මේ රටට හිතකරද, අහිතකර ද කියන එක අපේ ජනතාව බලාගෙන ඉන්නවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සිකුරාදා, 28 අගෝස්තු 2020 20:15

    Latest News