අගමැති-නෝර්වේ තානාපති හමුව (වීඩියෝ)

අගෝ 28, 2020
  • ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා ඉහළ නැංවීමට සූදානම් බව, නෝර්වේ රජය පවසයි.

    මෙරට නෝර්වේ තානාපතිවරයා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේ මේ බව කියා සිටියේය. සාකච්ජාව පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදී. නෝර්වේ රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර ධීවර හා නාවුක කටයුතු පිළිබඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණ. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයන් හේතුවෙන් මත්ස්‍ය ජීවීන්ට විශාල හානියක් සිදු වන බවයි.

    ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 අර්බුදයට පසු ප්‍රධාන ඉලක්කය ආර්ථිකය සංවර්ධනය කිරීම බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. කොරෝනා වෛරස අභියෝගය හමුවේ සාර්ථකව මැතිවරණය පැවැත්වීම සහ ඉන් ලබාගත් ජයග්‍රහණයට නෝර්වේ තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත සිය සුභාශිංසන පළ කළේය.

    Last modified on සිකුරාදා, 28 අගෝස්තු 2020 20:24

    Latest News