කොවිඩ්-19; 2,819ක් පූර්ණ සුවය ලබයි

අගෝ 26, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,816 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එම ප්‍රතිශතය 94.53ක්. කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් 11 දෙනෙකු අද මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් දස දෙනෙකු කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්. අනෙක් පුද්ගලයා කෙන්යාවේ සිට පැමිණි අයෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,819 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 94.53ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 151ක් පමණි. ප්‍රතිශතයක් ලෙස 0.4ක්.

    නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 32,816 දෙනෙකු මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. මධ්‍යස්ථාන 65ක නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 7,058ක්.

    මෙරට සිදු කෙරුණු පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව දෙලක්‍ෂ 11,090 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ කළ පීසීආර් පරීක්‍ෂණ 1,580ත් සමඟින්.

    එක්සත් ජනපද රජයේ අරමුදල් සම්පාදනයෙන් කොවිඩ් 19 රෝග පරීක්‍ෂා කට්ටලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඊයේ බාර දුන්නේය. ඒ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනය මගින්.

    පරීක්‍ෂණ දෙදහසක් සිදු කිරීමට අවශ්‍ය සැපයුම් එම කට්ටලයට ඇතුළත්. මෙය අමෙරිකානු ඩොලර් එක් ලක්‍ෂ 8000ක වටිනාකමකින් යුක්තයි. කොවිඩ් 19 පරීක්‍ෂණ සිදු කිරීම සඳහා යොදාගෙන ඇති විශ්වාසනීය සහ කාර්යක්‍ෂම තාක්‍ෂණය සහිත ආර්ටී පීසීආර් යන්ත්‍රයක්, පුද්ගල ආරක්‍ෂක ඇඟලුම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ආරක්‍ෂක මෙවලම්, උපාංග ඊට අයත්වේ.

    මෙරටට පැමිණිමට නොහැකිව ෆැරැන්ක්ෆට් හි රැඳී සිටි 102ක් අද උදේ දිවයිනට පැමිණියේය. දොහා කටාර්හි රැඳී සිටි තවත් 17 දෙනෙකු සහ ඩුබායි සිට 21 දෙනෙකු ද අද අලුයම මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ. පැමිණි සියලු දෙනාම ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    දේහා කටාර්හි රැඳී සිටි පිරිසක් අද උදේ මෙරටට පැමිණියේ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්. එහි පැමිණි පිරිස 273ක්. ඔවුන් ද ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කර නිරෝධායනයට යොමු කෙරිණ.

    Latest News