සතොසින් වාර්තාගත ආදායමක්

අගෝ 26, 2020

    ශ්‍රී ලංකාවේ විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස ජුනි මස අවසානය වනවිට ඉතිහාසයේ වාර්තාගත ආදායම ලබාගෙන තිබේ.

    ඒ, රුපියල් බිලියන 17.62ක්. මේ පිළිබඳ ප්‍රකාශ කෙරුණේ පසුගියදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී. එය පැවැත්වුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. සතොස අලෙවි ජාලයෙන් ඇණවුම් කරන ඕනෑම භාණ්ඩයක් www.lankasathosa.lk යන වෙබ් අඩවිය තුළින් පාරිභෝගිකයන්ට සිය නිවසටම භාණ්ඩ ලබාගැනීමට දැන් අවස්ථාව ලැබී තිබේ.

    ඊට අදාළ වෙබ් අඩවිය ද මීට සමගාමීව විවෘත කෙරිණ. සතොස අලෙවිසැල් 400ක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගණුදෙණුකරුවන්ට ලබාදීම මෙහි අරමුණයි.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 18:24

    Latest News