ගෞරවාන්විත පරිසරයක් නිර්මාණය කරනවා; කමල් ගුණරත්න (වීඩියෝ)

අගෝ 26, 2020
  • සියළු පුරවැසියන්ට හා අනාගත පරම්පරාවට සාමයෙන්, සතුටින් හා ගෞරවාන්විතව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ගුණරත්න මහතා මේ බව සඳහන් කළේ, අභ්‍යන්තර ආරක්‍ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

    උත්සවය නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් නව ලේකම්වරයාට ආශිර්වාද කළේය. අභ්‍යන්තර ආරක්‍ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:07

    Latest News