ශාන්ත බණ්ඩාර නැවතත් පාර්ලිමේන්තුවට

ජන 07, 2019

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා නැවතත් පාර්ලිමේන්තුවට පත් කරමින් ගැසටි නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    එක්සත් ජනතා නිදහස් සංධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙිනිතුවට පත්කළ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඉල්ලා අස්විමෙන් පසු ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්කර ඇත.

    ශාන්ත බණ්ඩාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 මහ මැතිවරණයෙදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළේය.

    ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපතිවරයා ද වෙයි.

    Latest News