රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු අත්අඩංගුවට

අගෝ 17, 2020

    අතුරුගිරිය - මොරටුවාහේන ප්‍රදේශයේදී හෙරොයින් සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක් සොයා ගත් බවයි.

    මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවේ.

    Latest News