ආදිවාසීන්ට ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍යයි (වීඩියෝ)

අගෝ 16, 2020
  • ආදිවාසීන්ගේ අනන්‍යතාව ආරක්ෂා වන ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, දඹාන ආදිවාසී ගම්මානයේ පැවති ලෝක ආදිවාසී සැමරුම් උත්සවයේදී. ලෝක ආදිවාසී සැමරුම අද උදේ දඹාන, කොටබකිනිය, මොරබැද්ද ආදිවාසී ගම්මානයේ දී පැවැත්විණ. පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝක ආදිවාසී සැමරුම අද දක්වා කල් තැබිණ. වාර්ෂිකව ඒම දිනය සමරනු ලබන්නේ අගෝස්තු 9 වැනිදායි.

    මෙවර ඒහි තේමාව "ආදිවාසීන් හා කොවිඩ් 19" ලෙසයි. ආදිවාසී ජනගහනයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන මෙම දිනය වාර්ෂිකව සැමරේ. සෞඛ්‍ය උපදෙස්වලට අනුව සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් චාම් සැමරුම් උත්සවයක් ඒහි සංවිධාන කර තිබිණ. දඹාන, රතුගල, පොල්ලෙබැද්ද, හෙන්නානිගල සහ වාකරේ වැදි ගම්මානවල ආදිවාසී ජනතාව ඊට ඒක්වූහ.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:36

    Latest News