ඒකීය රටක බෞද්ධාගමට ප්‍රමුඛත්වය - කබීර් හෂිම්

ජන 06, 2019

    රටේ ඒකීයභාවය ආරක්‍ෂාකර ගනිමින් බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීම එක්සත් ජාතික පක්‍ෂයේ මූලික අරමුණ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    කෑගල්ලේ පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා

    “මම එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති. මම මුස්ලිම් නමුත් මම ඔබවහන්සේලාට කියන්න ඕනේ කිසිම දවසක රටේ ඒකීයභාවය පළුඳු වෙන්න ඉඩ තියන්නේ නැහැ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම අපි දිවි හිමියෙන් රකිනවා. ඒක තමයි එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය.

    දේශපාලන බලය ගන්න විතරක් දේශප්‍රේමි වෙන්න, ජාතිආලය ගැන කතා කරන්න, ජාතිවාදය පාවිච්චි කරන්න ඉන්න දේශපාලඥයන්ගෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. දේශප්‍රේමිත්වය කියන්නේ දේශපාලන තක්කඩියගේ අවසාන තිප්පොලයි. ඒක තමයි යථාර්ථය. ඒක නිසා අපි මේක තේරුම් අරගෙන අපි වැඩ කරන්න ඕනේ. අපි ලොකු කැපවීමක් කරලා තියෙනවා. අපි ඉස්සරහට මේ රටේ තියෙන ගැටලු විසඳන්න තව පරම්පරාවකට මේවා තියන්න බැහැ. අපි නියපොත්තෙන් කපන්න පුලුවන් ඒවා නියපොත්තෙන් කපන්න ඕනේ. ඒක තමයි අපේ පරමාර්ථය.“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 19:43

    Latest News