වැටුප් කොමිසම අනුව රාජ්‍ය සේවක වැටුප් වැඩිවිමක් (විඩියෝ)

ජන 06, 2019
  • රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම රටේ වැඩකරන ජවතාවගේ වැටුපේ ලොකු වෙනසක් ඉදිරි සතියේ සිදුවිය හැකි බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි.

    එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ඔහු කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා  කොමිසමේ වාර්තාව ලබන සතියේ ලැබීමට නියමිත බවයි.

    අජිත් මාන්නප්පෙරුම මහතා... “ඉතිහාසයේ දැවැන්ත වැටුප් වැඩිවීම සිදු කළේ යහපාලන රජයයි. ඒ අනුව මේ ජනවාරි මාසය තුළදීත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදු වෙනවා. අපි බලයට ආපු ගමන්ම රුපියල් දස දහසක් වැටුපට අමතරව ලබා දුන්නා. මහින්ද රාජපක්‍ෂ මහතා වැටුප් වැඩිකරනවා කියා කෙරුවේ නැහැ. ඔහු රුපියල් 2500ක් දෙනවා කිව්වා, 3000ක් දෙනවා කිව්වා. එකක්වත් කෙරුවේ නැහැ. 

    එයාට ඒක නිසා වැටුප් වැඩිකිරීම ගැන අහන්න අයිතියක් නැහැ. තව සතියකින් වැටුප් විෂමතා කොමිසමේ වාර්තාව නිකුත් වෙනවා. ඒ අනුව වැටුප් පිළිබඳව ලොකු විප්ලවයක් රටේ සිදුවන්න පුලුවන්. අසාධාරණයක් සිදුවී ඇති අයට මෙම කොමිසම හරහා යම් සාධාරණයක් වෙන්න පුලුවන්.

    රාජ්‍ය සේවකයාට කොමිසම් සභා හරහා ශක්තිමත් කොන්දක් අපේ රජය විසින් ලබාදී තිබෙනවා. ඔවුන්ගේ රාජකාරී ස්වාධීනව කරගෙන යන්න. අපි කියනවා අපි දුන්න කොන්ද පාවිච්චි කරලා ස්වාධීනව කටයුතු කරගෙන යන්න කියලා. අවශ්‍ය වැටුප් සංශෝධනය අපි කරනවා යැයි “ ඔහු කියා සිටියේය.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 17:40

    Latest News