කැස්බෑ මස් සහ බිත්තර අත්අඩංගුවට

ජන 06, 2019

    වෙන්නප්පුව බංගලාවත්ත ප්‍රදේශයේදී අද (06) කැස්බෑ මස් කිලෝ 35ක් සහ බිත්තර 422ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණින.

    වැටලීම සිදු කරන ලද්දේ වෙන්නප්පුව පොලිසිය විසිනි. සැකකරුවන් අවුරුදු 52 සහ 37 වයස්වල පසුවන වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් අද (06) මාරවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 15:58

    Latest News