කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,593 (වීඩියෝ)

අගෝ 10, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,593 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 263 දෙනෙකු පමණි. අද කොවිඩ්-19 රෝගය වැළඳුණු 23ක් මෙරටින් වාර්තා වූහ. ඔවුන් සියලු දෙනාම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්. කොවිඩ්-19 රෝගය වැළඳුණ 2,593 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 90.44ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 263 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 9.17ක්. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 606ක්.

    මේ අතර, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රී මෙරටට පැමිණියේය. පැමිණි පිරිසට 286 දෙනෙකු අයත්. සියලු දෙනාම ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කළේය.

    ජපානය සහ දෝහාකටාර් හි රැඳී සිටි පිරිසක් ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අද අළුයම මෙරටට පැමිණියේය. ජපානයේ සිටි පැමිණි පිරිස 148ක්. දෝහාකටාර් සිට පැමිණියේ 28 දෙනෙකු පමණි. ඔවුන්ද ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    Last modified on සදුදා, 10 අගෝස්තු 2020 20:26

    Latest News