පුලියන්කුලමට ආයුධ සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ජන 06, 2019

     

    වවුනියාව, පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරු මාර්ගයක අවි ආයුධ තොගයක් දමා පලාගිය සැකකරුට ආයුධ සැපයූ බව කියන පුද්ගලයකු වවුනියාව ප‍්‍රදේශයේදී ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.


    කෝවිල ආසන්නයේ දමා ගිය අවි ආයුධ තොගයට අත්බෝම්බ, පිස්තෝල සහ එම පිස්තෝලයට යොදන ජීව උණ්ඩ සමඟ අත්බෑගයක් පොලිසිය විසින් සොයා ගනු ලැබිණ.

    මෙම අවි ආයුධ තොගය දමා පැනගිය පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මොහුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වවුනියාව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු, වවුනියාව සාලම්බකුලම් ප‍්‍රදේශයේ පදිංචි එන්. සුදාකරන් නොහොත් ‘ගුණා’ ලෙස හැඳින්වෙන පුද්ගලයෙකි.

    ඔහුව අද (06) පෙරවරුවේ වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 කාලයක් රැඳවුම් බාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා වූ නියෝගය නිකුත් කර ඇත.

     

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 15:40

    Latest News