සුනිල් ශාන්තව පැන්නූ සැකකරු රිමාන්ඩ් බාරයට

ජන 06, 2019

    රක්ෂිත බන්ධනාගාරගතව සිටි සුනිල් ශාන්ත නමැති හෙරොයින් ජාවාරම්කරුට ඉන් පැනයාමට උදව් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙම සැකකරු අලුත් කඩේ අංක 02 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) ඉදිරිපත් කරනු ලැබිණ. සුනිල් ශාන්ත නමැති හෙරොයින් ජාවාරම්කරුව පසුගිය නොවැම්බර් 17 වැනිදා බන්ධනාගාර නිලධාරියෙකු ලෙසින් පැමිණ මුදවා ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස මොහුව හඳුනාගෙන ඇත.

    ඒ අනුව ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිටියදී මොහුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණ. බන්ධනාගාරයෙන් පැනගිය හෙරොයින් ජාවාරම්කාර සුනිල් ශාන්තව මීමුරේ සැඟව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණ.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 17:30

    Latest News