ආගරපතන කන්ඳෙ ගින්නක්

ජන 06, 2019
  • ආගරපතන කදුවැටියේ ගින්නක් හට ගෙන ඇති තිබේ.

    අද (06) දහවල් 12.30 ට පමණ හට ගත් මෙම ගින්න කදුමුදුණ දක්වා පැතිර යමින් පවති.

    ආගරපතන පොලිස් වසමට අයත් සෙන් මාර්කට් වත්තට ඉහලින් කදු මුදුණේ බටහිර බැවුමේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි. ඉලුක් සහිත මෙම රක්ෂිතයේ පවතින දැඩි සුලගත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති. ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරන බව ආගරපතන පොලිසිය ක්‍රියා කරමින් සිටි. මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් ප්‍රධාන රක්ෂිතවලට ගිනි තැබිම සිදුකරති.

    මෙසේ රක්ෂිතවලට ගිනි තබන අය පිලිබද තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස හැටන් පොලිසිය ඉල්ලා සිටියි.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 15:01

    Latest News