ක්‍ෂේත්‍රයට ගොස් වී මිලදී ගැනීමට සතොස සැරසේ

අගෝ 04, 2020

    ක්‍ෂේත්‍රයට ගොස් වී මිලදී ගැනීමට සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව තීරණය කර තිබේ.

    මිලදී ගැනීම් අගෝස්තු 10 වැනිදා සිට ආරම්භ කරන බව එහි නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා පවසයි. පසුගිය කාලයේ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් ලිපිගොනු සහිතව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව ඔහු සඳහන් කළේය.

    Latest News